සූර්යයා මුල් කොටගත් සංස්කෘතික උරුමය ලද, එහි උදව්වෙන් තම දිවිපැවත්ම ගත කරනා සීහ හෙළයෝ සංසාර අන්ධකාරය දුරලන බුද්ධ සූර්යාගේ වංශයෙන් පැවත එති.
තව කියවන්න
අපේ සීහෙළ අවුරුදු සිරිත
ඔබත් දැකබලා අනුමෝදන් වන්න
මේ කර ගන්නට යෙදෙන්නා වූ සියලු ම පුණ්‍ය ශක්තීන්ගේ බල මහිමයෙන් මටත් දිනෙක සාසන උරුමය ම ලැබේවා.
සසුනට දායාද කළ ඒ උත්තම පින්කෙත අස්වද්දන්නට, තමන්ගේ ලේ කිරි කර පෙවූ දරු සෙනෙහස ශාසනය වෙනුවෙන් පූජා කළා වූ... සුවහසක් අම්මාවරුන් වෙනුවෙන් පිදුණු උපහාරයයි!
තව කියවන්න
සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින් ම වත්මන් පටාචාරාවන්ටත්, කිසාගෝතමියන්ටත්, යශෝධරාවන් වැනි උතුම් පින් ඇති වනිතාවන්ටත් බුදුන් පාමුල නිවි සැනසෙන්නට මංපෙත් විවර කරමින්, ‘මේ උතුම් ශ්‍රී සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් පවතීවා!’ යන චේතනාවෙන්, ‘සියලු ලෝ සත්ත්වයන් සසර කතරින් එතෙර වේවා!’
තව කියවන්න
කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත් කප්රුක’ සීහෙළ පැරන්නෝ සැලකූහ. ඒ උතුම් සීහ හෙළයන්ගේ එක ම අභිප්‍රාය වූයේ, උතුම් වූ නිවන සාක්ෂාත් කරගැනීම බව නො අනුමාන ය.
තව කියවන්න
අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ සිරවී අනන්ත දුක් විඳින සත්ත්වයන් සොයා ගොස්, ඒ හදවත් සැනසිලිගත කරමින් සරණක් වීමට හැකි එකම මහා මාධ්‍යය නම් භාෂාවය.
තව කියවන්න
හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම හදවතක්, එකම මස් ලේ කයක් ඇති මිනිසුන් විවිධ භාෂාවන් කාතා කිරීමය.
තව කියවන්න
රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙමින් ලෝකය තුළ මුලා වෙමින් හැල්මේ දුවන ගමනකින් රැය පහන් කරද්දි ඒ සියළු ගිනි නිවා, රාගයෙන්, ද්වේශයෙන් දැවෙන හිත් මෙත්තාවෙන් සිසල් කරමින්, රැයක් පහන් වන තුරාවට සිදු කෙරුනාවු මෙත් ආශිර්වාද ශාන්තිකර්මය බොහෝ ගිහි පැවිදි උපාසක උපාසීකා සිව්වනක් පිරිසගේ සභාගිත්වයෙන් සිදු වු අති උත්කර්ශවත් පිංකමකි.
තව කියවන්න
ත්රිවිධ රත්නයේ ආශීර්වාදය මැද පළාත් සෞඛ්‍ය නිලදරුවන්ගේ සහභාගීත්වයෙන්, රෝග නිවාරණය සහ රෝග සුවකිරීම යන දෙඅංගයන්ගෙන් සමන්විත මූලික සෞඛ්‍ය පහසුකම් සහිත ”සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල” ජනතා අයිතියට පැවරෙයි.
තව කියවන්න
කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා මහතාගේ පැමිණීම.
තව කියවන්න
ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය 2024
තව කියවන්න
මෙවන් ආර්ය සසුනක මහිමය විදහාලමින් ජේතවනාරාම බොදු බිමෙහි ඉදිවූ මෙම සුවිසෙස් ආරාම සංකීර්ණය, ‘නෝබල් ෆ්‍රෙන්ඩ්ස් පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ නමින් මෙසේ සඟසතුකර පූජාකිරීම තුළින්, ශ්‍රී සම්බුදු සසුනක රැකවරණය ඔස්සේ, සත්‍යය නොදැනීම නිසාවෙන්ම නොමග ගිය දැයේ ප්‍රාණ වායුව වූ තරුණ පරපුර, මිදීමේ සහ නිවීමේ මගට යොමුකරවීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.
තව කියවන්න
අනන්ත වූ සසර මංපෙත් නොදැන මුලාවී, අවිදු අඳුරේ ගිලෙමින් අපමණ දුකින් පීඩිතවූ සියලු ලෝ වැසි සත්ත්ව ප්‍රජාව ඉන් මුදාලනුවස් අදින් වසර 2600කට පෙර උදාවූ සුමඟුල් සමයෙහි අප මහා බෝසත් සිදුහත් තවුස් තෙම අපමණ අදිටනින් විදුරසුන් මත වැඩ හිඳ වීරිය වැඩුවේ මේ සංසාර සාගරයෙන් නිදහස් ව අරිය මග සරණා උතුම් සිත් සසර ගින්නෙන් මුදවාලනු පිණිස ම ය.
තව කියවන්න
බොහෝ ප්‍රඥාවන් පූර්ණය කළාවූ මුනිවරුන් දේශිත සිව් වේදයන්හී ‘ධර්මෝ රක්ෂති රක්ෂිතා’ යන්න සඳහන් වෙද්දී කෝටි ලක්ෂයක් සක්වලෙහි සිය ආඥාව විහිදුවා පතුරුවා හල සම්බුදු සුගත තථාගතයන් වහන්සේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ ලෙසින් දේශනා කළ වදාළේ “මේ උත්තරීතර ධර්මය නමැති ඥාන පදයෝ රක්ෂා කරන්නා, මේ ඥාන පදයෝ විසින් රකිනු ලබයි” යන්නයි.
තව කියවන්න
පහළොස්වන රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සම්බන්ධවීමෙන් සිදු වූ ශතාධික සංඝගත දක්ෂිණාව සහ විශේෂ පුණ්‍යානුමෝදනාව.
තව කියවන්න
රාජකීය ජාත්‍යන්තර පාසල් සිසුන්ගේ විශේෂ වැඩසටහන
තව කියවන්න
ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ ගිහිකල ආරක්ෂක අංශවල කටයුතු කළ ස්වාමින්වහන්සේලා, අනගාරික අනගාරිකා පිරිස, මියගිය රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදුකර පැන් වැඩීම
තව කියවන්න
ශ්රී බුද්ධ වර්ෂ 2567ක් වූ, ව්‍යවහාරික වර්ෂ 2024ක් වූ, මාර්තු මස 23 වෙනි දින කොත නිරාවරණය කිරීමෙන් ඇරඹ, පුරා සතියක් මුළුල්ලේ, භේරීතූර්ය නාද මධ්‍යයේ පැවැත්වූ ධාතුනිධානෝත්ස්වය පෙරටුකොටගත් බුද්ධ ප‍්‍රමුඛ ශතාධික සංඝගත දක්ෂිණා සහ සම්බුද්ධ ගිලන්පස පූජා අඩංගු අති උත්කර්ෂවත් පිංකම් මාළාව.
තව කියවන්න
සුදු මිනිස්සු කර්තෘ හර්ශ බමුණුආරච්චි රචනා කරන නොමියෙන මිනිස්සු ග්‍රන්ථ මාලාවේ පළමු දිගහැරුම
තව කියවන්න