අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ සිරවී අනන්ත දුක් විඳින සත්ත්වයන් සොයා ගොස්, ඒ හදවත් සැනසිලිගත කරමින් සරණක් වීමට හැකි එකම මහා මාධ්‍යය නම් භාෂාවය.
තව කියවන්න
හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම හදවතක්, එකම මස් ලේ කයක් ඇති මිනිසුන් විවිධ භාෂාවන් කාතා කිරීමය.
තව කියවන්න
රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙමින් ලෝකය තුළ මුලා වෙමින් හැල්මේ දුවන ගමනකින් රැය පහන් කරද්දි ඒ සියළු ගිනි නිවා, රාගයෙන්, ද්වේශයෙන් දැවෙන හිත් මෙත්තාවෙන් සිසල් කරමින්, රැයක් පහන් වන තුරාවට සිදු කෙරුනාවු මෙත් ආශිර්වාද ශාන්තිකර්මය බොහෝ ගිහි පැවිදි උපාසක උපාසීකා සිව්වනක් පිරිසගේ සභාගිත්වයෙන් සිදු වු අති උත්කර්ශවත් පිංකමකි.
තව කියවන්න
භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකය තුළ බැබළෙන මෙවන් දුර්ලභ වූත්, උතුම් වූත් කාල වකවානුවක, ඒ උතුම් සම්බුදු මඟ යමින් නිවන් අවබෝධ කරගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙන කෙන්ට් (Kent) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සැදැහැවත් පින්වතුන් විශාල පිරිසක් මෙම තෙදින භාවනා වැඩසටහන සඳහා ඒකරාශී වූහ.
තව කියවන්න
සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති වන්නේත්, සත්‍යය සමාධිය උපදින්නේත්, මනස සම්පූර්ණයෙන් ම නිශ්ශබ්ද වූ විට නොව, අනේකවිධ මානසික වේදනා මධ්‍යයේ වුව ද, හදවත දුකෙන් හා ශෝකයෙන් නිදහස් කිරීමෙන් ය.
තව කියවන්න
අනන්ත සසරක් පුරාවට තමන්ට කළා වු අනන්ත උදව් උපකාර සිහිපත් කරමින් කෘතගුණ සැලකීමේ පරමාර්ථයෙන්, අනන්ත සසරක් පුරාවට මිය ගියා වු සියළු ඥාතින් සිහිපත් කරමින් සෑම වර්ෂ අවාසනයකම සිදු කෙරෙන දොළොස් පිරිකර පුජාව මෙවරත් පැවත්වුයේ බොහෝ දෙනෙක්ගේ සසර ගමන කෙටි කරලනු වස් මහා පුන්‍ය ගංගා රැස් කර ගනිමිනි
තව කියවන්න
පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ නවාතැනක් හෝ නොමැති අල්පේච්ඡ ගති ඇත්තා වූ උතුමන් වැඩ වසන ජේතවනාරාමවිහාරයේ, පසුගිය දිනෙක සඟසතුකොට පූජා වුණු සැතපෙනාවාස ගොඩනැගිල්ල, සියලු භික්ෂූන් වහන්සේලාගේ කායදාහයන් නිවාලමින් උත්තරීතර සුවයට උරුමකම් කියන්නට අවැසි අභය භූමියක් වනු ඒකාන්තයි.
තව කියවන්න
අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්, ජේතවනාරාමවිහාරයේ නේවාසික සියලු උතුමන් ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැසි ජලය රැස් කර දෛනික භාවිතය සඳහා තිරසාර වූ ජල සැපයුමක් ලබනු වස් විසල් ජලතටාකයක් සහිත නානඝරය මෙසේ ඉදිකර, මහසඟරුවන මූලිකකොට සිව්වනක් පිරිසගේ සහභාගිත්වයෙන් සඟසතුකොට පූජා වුණු වගයි.
තව කියවන්න
මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්ෂුන්වහන්සේලා සීඝ්රයෙන් මග ඵල පූර්ණය කරගන්නා වැසිසාර තෙමස අවසන් විය.
තව කියවන්න
විය සිදුරෙන් අහස දකින්නා සේ’ ලද උතුම් මනුසත්භවයේ රැකුම පිණිස ත්, අනන්ත සංසාරයක් පුරාවට අප හා සහසම්බන්ධ ව සිටි සියලු ඥාති-හිතමිත්රාදීන්ගේ ණය ගනුදෙනු පියවීම පිණිස ත්, ආරාමවාසී භික්ෂූන් වහන්සේලා, අනගාරික මහතුන්, අනගාරිකා මහත්මීන් සහ සැදැහැවත් උපාසක-උපාසිකාවන් සිය ගණනකගේ නොමසුරු දායකත්වයෙන් ජාතික ලේ බැංකුව සමග සහසම්බන්ධ වී, අප ආරාමයේ ලේ දන් දීමේ උතතුංග පුන්‍යකර්මය අතිසාර්ථක ව මෙවරත් නිමා වුණි.
තව කියවන්න
දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන් සමයේ, මහා සංඝරුවනෙහි රැකවරණය සහ අනුග්‍රහය පිණිස සිය සේසත ම කැප කළෝ ය.
තව කියවන්න
සතර බිත්තියෙන් ඔබ්බට ගිය, උතුම් රහතුන් බිහිකරන්නට සැරසෙන, සතරවරම් දෙවි රජදරුවන්ගේ මුරකාවල් මධ්‍යයේ මේ මොහොතේදීත් ඉදිවෙමින් පවතින ඒ තිස් එක් ලෝක ධාතුවේ මුදුන් මල්කඩ වන් වූ ආර්ය තිඹිරි ගෙය ලොවට පහළවන්නට මෙසේ පිඹුරුපත් සැකසීම ඇරඹිණි.
තව කියවන්න
ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය මැද පළාත් සෞඛ්‍ය නිලදරුවන්ගේ සහභාගීත්වයෙන්, රෝග නිවාරණය සහ රෝග සුවකිරීම යන දෙඅංගයන්ගෙන් සමන්විත මූලික සෞඛ්‍ය පහසුකම් සහිත ”සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල” ජනතා අයිතියට පැවරෙයි.
තව කියවන්න
කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා මහතාගේ පැමිණීම.
තව කියවන්න
ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය 2024
තව කියවන්න
මෙවන් ආර්ය සසුනක මහිමය විදහාලමින් ජේතවනාරාම බොදු බිමෙහි ඉදිවූ මෙම සුවිසෙස් ආරාම සංකීර්ණය, ‘නෝබල් ෆ්‍රෙන්ඩ්ස් පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ නමින් මෙසේ සඟසතුකර පූජාකිරීම තුළින්, ශ්‍රී සම්බුදු සසුනක රැකවරණය ඔස්සේ, සත්‍යය නොදැනීම නිසාවෙන්ම නොමග ගිය දැයේ ප්‍රාණ වායුව වූ තරුණ පරපුර, මිදීමේ සහ නිවීමේ මගට යොමුකරවීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.
තව කියවන්න
අනන්ත වූ සසර මංපෙත් නොදැන මුලාවී, අවිදු අඳුරේ ගිලෙමින් අපමණ දුකින් පීඩිතවූ සියලු ලෝ වැසි සත්ත්ව ප්‍රජාව ඉන් මුදාලනුවස් අදින් වසර 2600කට පෙර උදාවූ සුමඟුල් සමයෙහි අප මහා බෝසත් සිදුහත් තවුස් තෙම අපමණ අදිටනින් විදුරසුන් මත වැඩ හිඳ වීරිය වැඩුවේ මේ සංසාර සාගරයෙන් නිදහස් ව අරිය මග සරණා උතුම් සිත් සසර ගින්නෙන් මුදවාලනු පිණිස ම ය.
තව කියවන්න
බොහෝ ප්‍රඥාවන් පූර්ණය කළාවූ මුනිවරුන් දේශිත සිව් වේදයන්හී ‘ධර්මෝ රක්ෂති රක්ෂිතා’ යන්න සඳහන් වෙද්දී කෝටි ලක්ෂයක් සක්වලෙහි සිය ආඥාව විහිදුවා පතුරුවා හල සම්බුදු සුගත තථාගතයන් වහන්සේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ ලෙසින් දේශනා කළ වදාළේ “මේ උත්තරීතර ධර්මය නමැති ඥාන පදයෝ රක්ෂා කරන්නා, මේ ඥාන පදයෝ විසින් රකිනු ලබයි” යන්නයි.
තව කියවන්න
පහළොස්වන රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සම්බන්ධවීමෙන් සිදු වූ ශතාධික සංඝගත දක්ෂිණාව සහ විශේෂ පුණ්‍යානුමෝදනාව.
තව කියවන්න
රාජකීය ජාත්‍යන්තර පාසල් සිසුන්ගේ විශේෂ වැඩසටහන
තව කියවන්න
ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ ගිහිකල ආරක්ෂක අංශවල කටයුතු කළ ස්වාමින්වහන්සේලා, අනගාරික අනගාරිකා පිරිස, මියගිය රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදුකර පැන් වැඩීම
තව කියවන්න
ශ්‍රී බුද්ධ වර්ෂ 2567ක් වූ, ව්‍යවහාරික වර්ෂ 2024ක් වූ, මාර්තු මස 23 වෙනි දින කොත නිරාවරණය කිරීමෙන් ඇරඹ, පුරා සතියක් මුළුල්ලේ, භේරීතූර්ය නාද මධ්‍යයේ පැවැත්වූ ධාතුනිධානෝත්ස්වය පෙරටුකොටගත් බුද්ධ ප්රමුඛ ශතාධික සංඝගත දක්ෂිණා සහ සම්බුද්ධ ගිලන්පස පූජා අඩංගු අති උත්කර්ෂවත් පිංකම් මාළාව.
තව කියවන්න
සුදු මිනිස්සු කර්තෘ හර්ශ බමුණුආරච්චි රචනා කරන නොමියෙන මිනිස්සු ග්රන්ථ මාලාවේ පළමු දිගහැරුම
තව කියවන්න