කඨින පුණ්‍යමහෝත්සවය 2025  

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල පූර්ණය කරගන්නා වැසිසාර තෙමස අවසන් විය. එ තුන් මස පුරාවට තථාගත සරණ ගිය සියලු ලෝ වැසියන්ට භික්ෂුන් වෙත එලඹ, දනින් පැනින් සිව්පසාදියෙන් සංග්‍රහ-සත්කාර කොට දහම් අනුශාසනා පිළිපදිමින් බොහෝ සෙයින් පින්-කුසල් පුරන්නට කාලය උදාවිය.

එමෙන් ම තෙමසක් පුරාවට ගුණ දම්කඳ පුරමින් අවසානයේ කඨින පුන්යෝත්සවය සිදුකරන්නට පිළිවෙතින් පෙළ සැදුණු අප ආරාම වාසි සියලු දෙනා ඇතුළු පින්වත් දායකකාරකාදී  සෑම සියලුදෙනාමත්, එදින රැය පහන්වන තුරාවට පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය ද, අළුයම් යාමයේ පැවති කඨින පෙරහැර ද, පසුදින කාලය පුරාවටම පැවති කඨින චීවර පූජාව ද සමගින් පැහැදි සිතින් සහසම්බන්ධ වී අප්‍රමාණ පින් කුසල් නගාගන්නා ලදී. මෙසේ නගා ගත්තා වූ සියලු පුන්යධර්මයෝ දැක බලා පැහැදි සිතින් අනුමෝදන් වී  සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිර්වානධාතුව සාක්ෂාත් කරගනිත්වා!!!

00
1
3
4
9
10
11
12
14
18
20
21
25
26
28
31
32
34
41
44

පුවත්

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

ලෝක භාවනා දිනය 2025

ලෝක භාවනා දිනය 2025

සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති...

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...